පළාත් පාලන ආයතන සදහා SW Maps phone app යොදා ගැනීමට කටයුතු කිරීම

2020 වසරේදී මෙම SW MAP APP ජංගම දුරකතන ඇප් එක පළාත් පාලන ආයතන සදහා හදුන්වාදීම සිදුවිය. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ මායිම් වෙන් කිරීමට මෙන්ම ඒවාහි අදාල දත්ත හා තොරතුරු පද්ධතියට ස්වයංක්‍රීයව ඇතුලත් කර ගැනීම මෙහිදී සිදු වේ. මේ පිළිබද පුහුණුවකින් පසු පළාත් පාලන ආයතන කිහිපයක මෙම කටයුතු සිදු කරමින් පවතී.

පළාත් පාලන ආයතන වත්කම් කළමනාකරණ කටයුතු සදහා CAMS Software යොදා ගැනීමට කටයුතු කිරීම

මෙහෙයුම් කටයුතු සදහා උපරිම සඵලතාවයකින් වත්කම් උපයෝගී කර ගැනීම , වත්කම් නිසි පරිදි නඩත්තු කිරීම සහ වැඩිදියුණු කිරීම මෙන්ම පිරිවැය කළමනාකරණය පදනම් කර වත්කම් අපහරණය සදහා විධිමත් ක්‍රියාවලියක් අනුගමනය කිරීම සදහා මෙම මෘදුකාංගය භාවිතය වැදගත් වේ. 2020 වසරේ සිට මෙම මෘදුකාංගය පළාත් පාලන ආයතන සදහා හදුන්වාදීම සිදුවිය.

පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණය ක්‍රියාත්මක වීම

ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම සදහා විශාල සමාජ පරිවර්තනයක් සිදු කරමින් නව්‍යකරණ සංස්කෘතියක් ගොඩනැගෙමින් පවතී. මෙහිදි ජනතාවගේ පහසුව පිණිස ජනතා කේන්ද්‍රීය ඩිජිටල් රාජ්‍ය තන්ත්‍ර‍යක් බිහි වෙමින් පවතී. නව තාක්ෂණය අනුගත කිරීම තුලින් රාජ්‍ය යාන්ත්‍ර‍යේ පවතින අකාර්යක්ෂම බව සහ ප්‍ර‍මාධයන් වලකා ගැනීම පිණිස අන්තර්ජාලය හරහා සේවා සැපයීම සහ එම සේවාවන් පිළිබදව අවශ්‍ය උපදෙස් සහ පුහුණුව පළාත් පාලන ආයතනවලට ලබා දීම පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් සිදු වේ.

සියළු පළාත් පාලන ආයතන සදහා වෙබ් පිටුවක් පැවතීම

සෑම පළාත් පාලන ආයතනයකම වෙබ් පිටුව හරහා තොරතුරු දැනගැනීමේ පනතට අනුව තොරතුරු ඉදිරිපත් කරනු ලබයි. මෙහිදී පළාත් පාලන ආයතන වාර්ෂික සැලැස්ම ඉදිරිපත්කිරීම, මහජනතාවට අදාල සියඵ තොරතුරු ලබා දීම, අන්තර්ජාලය හරහා තොරතුරු ලබා ගැනීම සදහා මහජනතාවට පහසුකම් සැලසීම සිදු වේ.

ඊ පුරනැගුම වැඩසටහන යටතේ පෙරටු කාර්යාල ක්‍රම හදුන්වා දීම

පළාත් පාලන ආයතන සේවාලාභීන්ගේ පහසුව සදහා ක්‍රියාත්මක කර ඇති මෙම සේවාව තුලින් පළාත් පාලන ආයතන වලට අවශ්‍ය දෛනික වාර්තා පරිඝනකගත වේ. පැමිණිළි කළමනාකරණය, අයදුම්පත් කළමනාකරණය, සියළුම ආදායම් සදහා රිසිට්පත් නිකුත් කිරීම, වරිපනම් කළමනාකරණය, පුස්තකාල කළමනාකරණය ආදිය මෙම ක්‍රමය තුල ක්‍රියාත්මක වේ.

තවත් ව්‍යාපෘති 

  • මාතර ඉදිකිරීම් ද්‍රව්‍ය පරික්ෂණාගාරය ආරම්භ කිරිම
  • මොන්රෝවියාවත්ත කසළ කළමණාකරන ඒකකය ආරම්භ කිරීම
  • ගාල්ල ඉදිකිරීම් ද්‍රව්‍ය පරික්ෂණාගාරය ආරම්භ කිරිම
  • රජයේ ආයතනවල ආදර්ශ කාබනික ගෙවතු ස්ථාපිත කිරීම සදහා නොමිලේ කොම්පෝස්ට් පොහොර ලබා දීම
  • ඊ පුරනැගුම Front Office Software පළාත් පාලන ආයතන සදහා හදුන්වාදිම
  • දකුණු පළාත් ඝන අපද්‍රව්‍ය කළමණාකරනය දිරිමත් කිරීම සදහා රජයේ ආයතන සහ ජනතාව සදහා ප්ලාස්ටික් කොම්පෝස්ට් බදුන්, කසළ වෙන් කිරීමේ බදුන් ලබා දීම
  • තෝරා ගත් පළාත් පාලන ආයතන සදහා ළිං ඉසින යන්ත ලබා දීම
  • පළාත් පාලන ආයතන යටතේ ඇති සියළුම මහජන පුස්තකාල සදහා මිලියන 15ක් වටිනා පොත් ලබා දීම
  • පළාත් පාලන ආයතන යටතේ ඇති සියළුම ආර්යුවේද මධ්‍යස්ථාන වලට මුලික පහසුකම් සැපයීම සදහා අවශ්‍ය උපකරණ ලබා දීම.
  • තංගල්ල නගර සභාව, බලපිටිය ප්‍රාදේශීය සභාව, දික්වැල්ල ප්‍රාදේශීය සභාව, ආදියෙහි පෙරපාසල් ආදර්ශ පෙරපාසල් ලෙස නවීකරණය
  • සියළුම පළාත් පාලන ආයතන සදහා ප්ලාස්ටික් ජල ටැංකි ලබා දීම
  • ගොඩනැගිලි සායනයක් පැවැත්වීම
  • දෙපාර්තමේන්තුව සදහා නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් තනතුරක් අනුමත කර ගැනීම
  • පස් අවුරුදු උපායමාර්ගික සැලැස්ම සකස් කිරීම