පළාත් පාලන ආයතන සේවාලාභීන්ගේ පහසුව සදහා ක්‍රියාත්මක කර ඇති මෙම සේවාව තුලින් පළාත් පාලන ආයතන වලට අවශ්‍ය දෛනික වාර්තා පරිඝනකගත වේ. පැමිණිළි කළමනාකරණය, අයදුම්පත් කළමනාකරණය, සියළුම ආදායම් සදහා රිසිට්පත් නිකුත් කිරීම, වරිපනම් කළමනාකරණය, පුස්තකාල කළමනාකරණය ආදිය මෙම ක්‍රමය තුල ක්‍රියාත්මක වේ.
පුවත් සහ සිදුවීම්
අපගේ ව්‍යාපෘති
ඉදිකිරීම් ද්‍රව්‍ය පරීක්ෂණාගාරය
අපගේ පරීක්ෂණාගාරය මගින් පස්, ගල්, කාපට්, වැලි, ගඩොල්, කොන්ක්‍රීට් යනාදිය සඳහා පරීක්ෂණ සිඳුකරන අතර එම පරීක්ෂණ සඳහා සාම්පල පරීක්ෂණාගරයට ගෙනවිත් හෝ ක්ෂේත්‍රයට ගොස් පරීක්ෂණ කරවා ගත හැකිය.
අපද්‍රව්‍ය කළමනාකරණය
මොන්රෝවියාවත්ත කසල බහාලුම් අංගනය
ගාල්ල දිස්ත්‍රික්යේ පළාත් පාලන ආයතන 7 ක කසල කළමනාකරණය කිරීම සඳහා රජ්ගම, මොන්රෝවියාවත්ත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය 2012 වසරේදී ආරම්භ කර ඇත. මෙම මධ්‍යස්ථානය මධ්‍යම පරිසර අධිකාරියේ ජාතික පිළිසරු ව්‍යාපෘතියේ ප්‍රතිපාදන හා දකුණු පළාත් සභාවේ ප්‍රතිපාදන මත ඉදිකිරීම් කර ඇති අතර ආරම්භයේදී පළාත් පාලන ආයතන 7ක් , මධ්‍යම පරිසර අධිකාරිය සහ දකුණු පළාත් සභාව වෙනුවෙන් පලාත් පාලන දෙපාර්තමේන්තුව එක්ව ගිවිසුම්ගතවී ඇත.