81
 
ජනාධිපති ලේකම් විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ අංක PS/FSD/Circular/13/2022 අනුව ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සඳහා පළාත් ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කර ඒ සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලද උපදෙස් පරිදි පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කල වැඩසටහන ලෝක ළමා දිනය යෙදී ඇති 2022 ඔක්තෝම්බර් මාසයේ දී ආරම්භ කරන ලදි.
ඒ අනුව දකුණු පළාතේ පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක පෙර පාසල් අතරින් ග්‍රාමීය හා දුෂ්කර ප්‍රදේශයන්හි තෝරාගත් පෙර පාසල් 132 ක දරුවන් 4006 ක් සඳහා 2022 ඔක්තෝම්බර් මාසයේ දින 8 ක් ( සතියකට දින 2ක්) පෝෂණ ආහාර වේලක් ලබා දීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ සිදු සිදු කෙරේ.
එසේම පළාත් පාලන ආයතන යටතේ ක්‍රියාත්මක ඉතිරි පෙර පාසල් දරුවන් සඳහා පෝෂණ ආහාර වේලක් ලබා දීම එම පළාත් පාලන ආයතන සතු අරමුදල් යොදාගනිම්න් සිදු කෙරේ. මිට සමගාමි ලෙස ආහාර සුරක්ෂිතතාවයේ අවශ්‍යතාවය පිළිබඳ දරුවන් දැනුවත් කිරීම් සිදු වන අතර පෙර පාසල් දරුවන් හා දෙමාපියන් සහභාගීත්වයෙන් බඳුන් තුළ ආහාර බෝග වගා කිරීම සඳහා උනන්දු කරවීම ද සිදුවේ. මේ සඳහා පළාත් පාලන ආයතනවල ගරු සභාපතිවරුන්, ප්‍රජා සංවර්ධන නිලධාරීන් ඇතුළු කාර්යය මණ්ඩල සහාය ලබා ගනිමින් සිදු කෙරේ.