ආණ්ඩුකාරවර ජංගම සේවාව - අකුරැස්ස මලිදූව කනිටු විදුහල

දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය ඩබ්ලිව්. ඩබ්ලිව්. ගමගේ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2022.12.11 දින පැවති ආණ්ඩුකාරවර ජංගම සේවාව සඳහා පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කළ කාර්යාල සායනය සහ ගොඩනැගිළි සායනය සඳහා පළාත් පාලන දෙපාර්තමේන්තුව, මාතර පළාත් පාලන සහකාර ‍කොමසාරිස් කාර්යාලය සහ මාතර දිස්ත්‍රික් ඉංජිනේරු සේවා කාර්යාලයේ නිලධාරීන් සහභාගී විය.

මෙම ජංගම සේවාවට සමගාමී ලෙස පලාත් පාලන දෙපාර්තමේන්තු ප්‍රතිපාදන යටතේ අකුරැස්ස  ප්‍රාදේශිය  සභාවේ මූලිකත්වයෙන් සහ කොටපොල,  මාලිම්බඩ, අතුරලිය සහ මුලටියන ප්‍රාදේශීය සභාවන්ගේ සහයෝගයෙන් මාර්ග සතියක් ක්‍රියාත්මක කරන ලදි. මේ යටතේ බල ප්‍රදේශයේ  පවතින දුෂ්කර මාර්ග 43ක් පිළිසකර කිරීම, මාර්ග දෙපස සහ කාණු පද්ධතිවල පවතින අවහිරතා ඉවත් කිරීම, අවශ්‍ය ස්ථාන සඳහා හියුම් පයිප්ප 57 ක් යෙදීම සහ නව මාවත් ඉදිකිරීම සිදු කරණ ලද අතර, ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති මගින් ජනතාවට පානීය ජලය ලබා දීමට අවශ්‍ය පහසුකම් සලසන ලදි.

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමේ අරමුණින් දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කළ තෝරාගත් ගොවි සමිති සාමාජිකයන් වෙත පළතුරු පැල ලබා දීමේ ව්‍යාපෘතියට සමෝධාන ව්‍යාපෘතියක් ලෙස පළාත් පාලන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක රජ්ගම මොන්රෝවියාවත්ත කසළ කළමනාකරණ මධ්‍යස්ථානයේ නිෂ්පාදිත කාබනික පොහොර මලු 250ක් අදාල ගොවි සාමාජිකයන් වෙත ප්‍රදානය කිරීම ද මෙම ජංගම සේවා වැඩසටහනේ දි සිදු කරන ලදි.

1

2

3

5