නොවැම්බර් සහ දෙසැම්බර් මස වැඩසටහන

පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක පෙර පාසල් අතරින් ග්‍රාමීය හා දුෂ්කර ප්‍රදේශයන්හි තෝරාගත් පෙර පාසල් 134 ක දරුවන් 4508 ක් සඳහා නොවැම්බර් සහ දෙසැම්බර් මාසයන්හි ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ වැඩසටහන මගින් පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන රු.මි. 5.00 යටතේ ප්‍රතිලාභ ලැබීමට නියමිත වේ.

එසේම එසේම පළාත් පාලන ආයතන යටතේ ක්‍රියාත්මක ඉතිරි පෙර පාසල් 67 දරුවන් 2331 සඳහා පෝෂණ ආහාර වේලක් ලබා දීම එම පළාත් පාලන ආයතන සතු අරමුදල් යොදාගනිම්න් සිදු කෙරේ.

වතු අංශයේ ක්‍රියාත්මක ගාල්ල සහ මාතර දිස්ත්‍රිකක්යන්හි පෙර පසල් දරුවන් 42 ක දරුවන් 960 කගේ පෝෂණ තත්වය ඉහළ නැංවීම සඳහා පළාත් පාලන දෙපාර්තමේන්තුව සඳහා පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ වෙන් කළ ප්‍රතිපාදන මගින් සතියේ දින දෙකක් පෝෂණ ආහාර ලබා දීම සිදු කරන අතර, දකුණු පළාත් ධිවර, සත්ත්ව නිෂ්පාදන අමාත්‍යාංශ ප්‍රතිපාදන මගින් ඉතිරි දින තුන සඳහා දියර කිරි වීදුරුවක් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්යය ඩබ්ලිව්. ඩබ්ලිව්. ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ බද්දේගම ප්‍රාදේශිය සභාවේ ගරු සභාපති අනුර නාරංගොඩ මැතිතුමා සහ කාර්යය මණ්ඩලයේ සහයෝගයෙන් වදුරඹ, ලේල්වලවත්ත පෙර පාසලේ දී 2022 නොවැම්බර් මස 01 දින පවත්වන ලදි. මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්, දකුණු පළාත් ධිවර, සත්ත්ව නිෂ්පාදන අමාත්‍යාංශ ලේකම්, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්, පළාත් පාලන කොමසාරිස් සහ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ(ක්‍රමසම්පාදන) ඇතුළු විශාල නිලධාරීන් පිරිසක් සහභාගී විය.

මාතර දිස්ත්‍රික්කයේ වතු පෙර පාසල් දරුවන් සඳහාවන ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ සමාරම්භක වැඩසටහන මාතර සහකාර පළාත් පාලන කොමසාරිස්ගේ සංවිධායකත්වයෙන් අතුරලිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ඩබ්ලිව්.ජී. නිහාල් ද සිල්වා මැතිතුමා ඇතුළු කාර්යය මණ්ඩලයේ සහයෝගයෙන් අතුරලිය වත්ත පෙර පාසලේ දි සිදු කරන ලදි.

1

2

3

4

5

ආණ්ඩුකාරවර ජංගම සේවාව - අකුරැස්ස මලිදූව කනිටු විදුහල

දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය ඩබ්ලිව්. ඩබ්ලිව්. ගමගේ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2022.12.11 දින පැවති ආණ්ඩුකාරවර ජංගම සේවාව සඳහා පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කළ කාර්යාල සායනය සහ ගොඩනැගිළි සායනය සඳහා පළාත් පාලන දෙපාර්තමේන්තුව, මාතර පළාත් පාලන සහකාර ‍කොමසාරිස් කාර්යාලය සහ මාතර දිස්ත්‍රික් ඉංජිනේරු සේවා කාර්යාලයේ නිලධාරීන් සහභාගී විය.

මෙම ජංගම සේවාවට සමගාමී ලෙස පලාත් පාලන දෙපාර්තමේන්තු ප්‍රතිපාදන යටතේ අකුරැස්ස  ප්‍රාදේශිය  සභාවේ මූලිකත්වයෙන් සහ කොටපොල,  මාලිම්බඩ, අතුරලිය සහ මුලටියන ප්‍රාදේශීය සභාවන්ගේ සහයෝගයෙන් මාර්ග සතියක් ක්‍රියාත්මක කරන ලදි. මේ යටතේ බල ප්‍රදේශයේ  පවතින දුෂ්කර මාර්ග 43ක් පිළිසකර කිරීම, මාර්ග දෙපස සහ කාණු පද්ධතිවල පවතින අවහිරතා ඉවත් කිරීම, අවශ්‍ය ස්ථාන සඳහා හියුම් පයිප්ප 57 ක් යෙදීම සහ නව මාවත් ඉදිකිරීම සිදු කරණ ලද අතර, ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති මගින් ජනතාවට පානීය ජලය ලබා දීමට අවශ්‍ය පහසුකම් සලසන ලදි.

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමේ අරමුණින් දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කළ තෝරාගත් ගොවි සමිති සාමාජිකයන් වෙත පළතුරු පැල ලබා දීමේ ව්‍යාපෘතියට සමෝධාන ව්‍යාපෘතියක් ලෙස පළාත් පාලන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක රජ්ගම මොන්රෝවියාවත්ත කසළ කළමනාකරණ මධ්‍යස්ථානයේ නිෂ්පාදිත කාබනික පොහොර මලු 250ක් අදාල ගොවි සාමාජිකයන් වෙත ප්‍රදානය කිරීම ද මෙම ජංගම සේවා වැඩසටහනේ දි සිදු කරන ලදි.

1

2

3

5

 
81
 
ජනාධිපති ලේකම් විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ අංක PS/FSD/Circular/13/2022 අනුව ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සඳහා පළාත් ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කර ඒ සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලද උපදෙස් පරිදි පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කල වැඩසටහන ලෝක ළමා දිනය යෙදී ඇති 2022 ඔක්තෝම්බර් මාසයේ දී ආරම්භ කරන ලදි.
ඒ අනුව දකුණු පළාතේ පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක පෙර පාසල් අතරින් ග්‍රාමීය හා දුෂ්කර ප්‍රදේශයන්හි තෝරාගත් පෙර පාසල් 132 ක දරුවන් 4006 ක් සඳහා 2022 ඔක්තෝම්බර් මාසයේ දින 8 ක් ( සතියකට දින 2ක්) පෝෂණ ආහාර වේලක් ලබා දීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ සිදු සිදු කෙරේ.
එසේම පළාත් පාලන ආයතන යටතේ ක්‍රියාත්මක ඉතිරි පෙර පාසල් දරුවන් සඳහා පෝෂණ ආහාර වේලක් ලබා දීම එම පළාත් පාලන ආයතන සතු අරමුදල් යොදාගනිම්න් සිදු කෙරේ. මිට සමගාමි ලෙස ආහාර සුරක්ෂිතතාවයේ අවශ්‍යතාවය පිළිබඳ දරුවන් දැනුවත් කිරීම් සිදු වන අතර පෙර පාසල් දරුවන් හා දෙමාපියන් සහභාගීත්වයෙන් බඳුන් තුළ ආහාර බෝග වගා කිරීම සඳහා උනන්දු කරවීම ද සිදුවේ. මේ සඳහා පළාත් පාලන ආයතනවල ගරු සභාපතිවරුන්, ප්‍රජා සංවර්ධන නිලධාරීන් ඇතුළු කාර්යය මණ්ඩල සහාය ලබා ගනිමින් සිදු කෙරේ.