හදිසි ආපදා තත්ත්වයට මුහුණ දීම
- හදිසි ගිනි ගැනීම් හා සුනාමි අනතුරු හැගවීම් පෙරහුරු වැඩසටහන් ආපදාවන්හි දී කටයුතු සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ම්‍යස්ථානය මගින් සිදු කරනු ලබන පූර්ව අනතුරු සූදානම් වැඩසටහන් සඳහා කාර්ය මණ්ඩලය යොමු කිරීම.
- පළාත තුල සිදු කරණු ලබන ඉදිකිරීම් කටයුතු වල දී අවශ්‍ය දැනුම, උපදෙස් හා මගපෙන්වීම් ලබා දීමේ අරමුණින් බිල්ඩින් ක්ලිනික් වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
පුහුණුව හා ධාරිතා සංවර්ධනය
- 2018 වර්ෂය සඳහා අභිනවයෙන් පත් වූ දකුණු පළාත් ගරු මහජන නියෝජිතයින් සඳහා පළාත් පාලන ආයතන සම්බන්ධ දැනගතයුතු පොදු නීති රීති හා සභා කටයුතු පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත පුහුණු වැඩමුළු 07ක් පළාතෙන් බැහැර ස්ථාන වල පැවැත්වීම.
- වාර්ෂික පුහුණු සැලැස්මකට අනුව පුහුණු වැඩසටහන් සඳහා නිලධාරීන් යෙදවීම සිදු කර ඇත.
දකුණු පළාත් කළමනකරණ සංවර්ධන හා පුහුණු ආයතනය මගින් 2018-2021 වර්ෂ තුළ මෙම දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලද පුහුණු වැඩසටහන් සම්බන්ධ විස්තරයක් පහත දක්වා ඇත.
MDTI - වක්වැල්ල - පුහුණු වැඩසටහන් ප්‍රගතිය - 2018 -2021
පුහුණු වැඩසටහන් | 2018 - 2021 |
ලිපි ගොනුකරණය හා ආයතන | 14 |
පරිගණක හා තාක්ෂණය | 08 |
ගිණුම් කටයුතු | 39 |
ආකල්ප සංවර්ධනය | 05 |
ව්‍යාපෘති හා සැලසුම්කරණය | 01 |
නීතිය හා විමර්ශනය | 05 |
ඵලදායීතාව | 08 |
වෙනත් පුහුණු වැඩසටහන් | 29 |
එකතුව | 109 |
- පශ්චාත් උපාධි පාඨමාලා සඳහා නිලධාරීන් යොමු කිරීම හා ඒ සඳහා ප්‍රතිපාදන ලබා දීම.
- මාණ්ඩලික නිලධාරීන් හා එක් එක් සේවාවන් යටතේ තෝරා ගත් පිරිසක් රාජකාරී විෂය පථයට අදාල පුහුණුවීම් සඳහා විදේශ සංචාර සඳහා යොමු කිරීම.
- ඵලදායිතා සංකල්පය පිළිබඳ දේශන පවත්වනු ලබන නිලධාරින් වෙතින් කාර්යාලය තුල හා ඉන් පිටත එක් දින පුහුණුවක් ලබා දීම.
- ජාතික ඵලදායීතා තරගය - 2018 වර්ෂයට අදාලව පවත්වන ලද ජාතික ඵලදායීතා තරගාවලිය සඳහා දකුණු පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තු කාර්යාලය, පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාල හා පළාත් පාලන ආයතන නියෝජනය කරමින් සහභාගී වූ අතර, මින් රාජ්‍ය දෙපාර්තමේන්තු අංශය හා ක්ෂුද්‍ර පරිමාණ ආයතන අංශය නියෝජනය කරමින් ඉදිරිපත් විය.
- 2018 නොවැම්බර් මස 30 - පළාත් පාලන ආයතන ක්‍රීඩා උත්සවය, ගාල්ල දිස්ත්‍රික්කය පළාත් පාලන ආයතනයන් අතර සහයෝගය, සුහදතාව වර්ධනය කිරීමේ අරමුණ ඇතිව, දකුණු පළාත් ගරු ප්‍රධාන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල, ශාන්ත ඇල්වීෂියස් මහා විද්‍යාලීය ක්‍රීඩාංගනයේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ සියළුම පළාත් පාලන ආයතන කාර්ය මණ්ඩලයන්හි සහභාගිත්වයෙන් පළාත් පාලන ක්‍රීඩා උත්සවය පවත්වන ලදි.
- 2018 නොවැම්බර් මස 29 - පළාත් පාලන ආයතන ක්‍රීඩා උත්සවය, මාතර දිස්ත්‍රික්කය පළාත් පාලන ආයතනයන් අතර සහයෝගය, සුහදතාව වර්ධනය කිරීමේ අරමුණ ඇතිව, දකුණු පළාත් ගරු ප්‍රධාන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් හක්මන, ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේ දී මාතර දිස්ත්‍රික්කයේ සියළුම පළාත් පාලන ආයතන කාර්ය මණ්ඩලයන්හි සහභාගිත්වයෙන් පළාත් පාලන ක්‍රීඩා උත්සවය පවත්වන ලදි.
- 2018 නොවැම්බර් මස 27 - පළාත් පාලන ආයතන ක්‍රීඩා උත්සවය, හම්බන්තොට දිස්ත්‍රික්කය පළාත් පාලන ආයතනයන් අතර සහයෝගය, සුහදතාව වර්ධනය කිරීමේ අරමුණ ඇතිව, දකුණු පළාත් ගරු ප්‍රධාන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අගුණුකොළපෑලැස්ස ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළුම පළාත් පාලන ආයතන කාර්ය මණ්ඩලයන්හි සහභාගිත්වයෙන් පළාත් පාලන ක්‍රීඩා උත්සවය පවත්වන ලදි.
- කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ දැනුම, කුසලතා හා හැකියාවන් පිළිබඳ තොරතුරු අයදුම්පත්‍රයක් මගින් ලබා ගෙන දෙපාර්තමේන්තුව තුළ ඔවුන්ගේ හැකියාවන් සඳහා අවස්ථා ලබා දීම. ඒ අනුව, ක්‍රීඩා තරග ඉසව් සඳහා දක්ෂ නිලධාරින් හඳුනාගෙන යොමු කිරිම.
- එසේම 2018 දකුණු පළාත් රාජ්‍ය සේවා ක්‍රීඩා තරගාවලිය සඳහා යොමු කරන ලද රාජ්‍ය කළමනාකරණ සහකාර එම්.ඩී. නිලංග ප්‍රේමරත්න මහතා පහත පරිදි ජයග්‍රහණ ලබා ඇත.
දුර පැනීම - 3 වන ස්ථානය - සිතුවිලි විමන නිර්මාණ පුවරුව වෙත නිර්මාණ ඉදිරිපත් කිරිම තුළින් ලේඛන හැකියාව හා නිර්මාණශිලි හැකියාව වැඩිදියුණු කර ගැනීමට අවස්ථාව ලබා දීම.
- ධාරිතා ප්‍රවර්ධනය සඳහා නිලධාරින්ට නායකත්ව පුහුණුව වැඩසටහනක් සේවා ස්ථානයෙන් බැහැර සංවිධානය කර ලබා දීම.
- අත්දැකීම් හුවමාරු වැඩසටහන යටතේ උතුරු පළාතේ යාපනය පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලය හා කයිට්ස් ප්‍රාදේශීය සභා කටයුතු නිරීක්ෂණ චාරිකාවක් සංවිධානය කිරීම.
පළාත් පාලන ආයතනවල කාර්ය සාධනය වර්ධනය කිරීම
- පළාත් පාලන ආයතන වෙත ඵලදායීතා තරග සඳහා ඉදිරිපත් වීමට අවශ්‍ය සහයෝගය ලබා දීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම.
- පළාත් පාලන ආයතන කාර්ය මණ්ඩලය සඳහා පුහුණූ වැඩසටහන් සංවිධානය කිරීම.
(පෙර පාසල් පාලිකා පුහුණූ වැඩසටහන්/ ඝන අපද්ර්ය කළමනාකරණ පුහුණු වැඩසටහන්/ වෙනත් විෂයානුබද්ධ පුහුණු වැඩසටහන්) - පළාත් පාලන ආයතනවල විගණන කළමනාකරණ කමිටු පැවැත්වීම.
- පළාත් පාලන ආයතන කාර්යාල රාජකාරි කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා පරිගණක ලබා දීම.
පෙර පාසැල්, පුස්තකාල හා ආයුර්වේද බෙහෙත් ශාලා සඳහා පළාත් නිශ්චිත, පළාත් පාලන, වෙනත් සේවා යටතේ මිලියන 14 ක් වෙන් කර ඇති අතර, ඒ යටතේ ව්‍යාපෘති 15 ක් ක්‍රියාවට නංවා ඇත.
- පළාත් පාලන ආයතන පෙර පාසල් සඳහා ආසියා පදනමෙහි අනුග්‍රහය සහිතව රු. 11,688,091.82 පමණ වටිනා පොත් ලබා දීම.
- පළාත් පාලන ආයතන නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලා සඳහා රු.මි. 3ක වියදමින් අවශ්‍ය වෛද්‍ය උපකරණ හා අනෙකුත් අවශ්‍යතා සම්පාදනය කිරීම.
- දිස්ත්‍රික් 03 නියෝජනය වන පරිදි ආයුර්වේද සායන 03ක් පැවැත්වීම.
- පළාත් පාලන ආයතන පුස්තකාල වෙත විභාග කටයුතු සඳහා හා අනෙකුත් අධ්‍යන කටයුතු සඳහා අවශ්‍ය රු.මි. 17.5ක පමණ විටිනාකමකින් යුත් පොත් කට්ටල ලබා දීම.
උපමාන පාදක ආදාහනාගාර සංවර්ධනය යටතේ මිලියන 17 ක් වෙන් කරන ලද අතර, ඒ යටතේ ආදාහනාගාර හා සුසාන භූමි 12 ක සංවර්ධන කටයුතු ක්‍රියාවට නංවා ඇත.උපමාන පාදක සතිපොළ සංවර්ධනය යටතේ මිලියන 14 ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, ඒ යටතේ ව්‍යාපෘති 13 ක් ක්‍රියාවට නංවා ඇත.
- රු. මි. 10ක වියදමින් මොන්රෝවියාවත්ත ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරය, ප්‍රවේශ මාර්ය හා වාහන සේදුම් අංගනය සංවර්ධනය කිරීම.
- 2018 වර්ෂයේ දකුණු පළාතේ පළාත් පාලන ආයතන සඳහා කොම්පෝස්ට් බඳුන් ද පෙර පාසැල් සඳහා කසළ වෙන් කිරීමේ බඳුන් ද ලබා දී ඇත.
- මොන්රෝවියාවත්ත ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියට සමගාමීව සූර්ය බල ශක්ති ව්‍යාපෘතියක් රු. මි. 1.05 ක වියදමින් ආරම්භ කිරීම.
සේවක සුභ සාධනය
- පළාත් පාලන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සුභසාධක සංගමය පිහිටුවා එමගින් ඔවුන්ගේ සුභසාධන අවශ්‍යතා සඳහා අවස්ථාව සලසා දී ඇත. එහි දී සාමාජිකයාගේ හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ සුභසාධන අවශ්‍යතා සඳහා මූල්‍ය පහසුකම් ලබා දීම.
- කාර්යාලයේ බදාදා දින සඳහා සියළු නිලධාරීන් වෙත සුබ සාධක සංගමය මගින් නිල ඇඳුමක් ලබා දීම.
- කාර්යාලයේ හා ඉන් බැහැර විශේෂ වැඩසටහන් පැවැත්වෙන අවස්ථාවල දී භාවිතා කිරීම සඳහා ටී ෂර්ට් එකක් ලබා දීම.
- සියළු සාමාජිකයින්ගේ උපන්දින සඳහා තිළිණයක් ලබා දීම.
- සියළු නිලධාරීන්ගේ පෞද්ගලික මූල්‍ය අනුග්‍රහය හා සහභාගීත්වය ඇතිව ගාල්ල, උණවටුන බොනවිස්ටා වැඩිහිටි නිවාසය සඳහා වාර්ෂිකව රාත්‍රී දානමය පිංකමක් සංවිධානය කිරීම.
- හදිසි විපත් හා අනතුරුවල දී මූල්‍යාධාර සැපයීම.