දැක්ම

මහජන කේන්ද්‍රීය පළාත් පාලනයක ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වීම.

මෙහෙවර

මහජනතාවගේ අභිලාශයන් තෘප්තිමත් කිරීමට පළාත් පාලන ආයතනවලට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සහ මූල්‍ය, තාක්ෂණික, සහයෝගීතාවය සම්බන්ධීකරණය තුලින් නවෝත්පාදක පළාත්පාලනයක් දකුණු පළාත තුල ස්ථාපිත කිරීම.

දක්ෂිණ දේශයේ විශිෂ්ඨත්වය, ජයග්‍රහනය, ආදීන පැවැත්ම, අන්‍යොන්‍ය සහයෝගය, නිර්භයත්වය, ප්‍රවේගීතාවය, ආධිපත්‍ය, ස්ථාවරත්වය, හා ප්‍රපාතවත් බව සංකේතවත් කරමින් ඉලුක් කෝළය රැගත් සිංහයාත්, වසර පහළොස්දහසකට වඩා ඈත අතීතයකට උරුමකම් කියන්නා වූ චිත්තාකර්ෂණීය වර්ණයකින් හා හැඩයකින් යුත් හීන් බෝවිටියා මලත් දකුණේ පෞඩත්වය මැනවින් විදහා පායි. දුටුගැමුණු රජතුමාගේ සටනට මාගම් රාජධානියෙන් පිටත් වූ සටන් පෙරමුණේ ගෙනගිය කොඩියේ සටහන් වූ රක්ත වර්ණයත් සිංහ රූපය සහ රඹ පැහැති වර්ණය සමග දකුණු පළාතේ ‍ඵෛතිහාසික සංස්කෘතිකමය සමාජමය ආදී සියළු අංශයන් පිළබඳව විමර්ශනාත්මකව සලකා නිර්මාණය වූ රුහුණු ධජය සහ පුෂ්පය දකුණු පළාතේ අනගිමත් සංකේතයයි.

ගාල්ල, මාතර, හම්බන්තොට, යන දිස්ත්‍රික්කයන්ගෙන් සැදුම්ලත් දකුණු පළාතේ අගනගරය වූ ගාල්ල යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම නගරයක් ලෙස නම් කර ඇත. පුරාණයේ සිටම වෙළද නගරයක් ලෙස ප්‍රසිද්ධව පැවති මෙහි ඉන්දියන්සාගරය තුල වූ පිහිටීම නිසා සුවිශේෂී වරායක් හිමිව පැවතුණි. මාතර දිස්ත්‍රික්කයේ මාතර නගරය ප්‍රධාන පරිපාලන නගරය වන අතර එය කෙළඹ සිට කි.මී.160 දුරින් පිහිටා ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කය ප්‍රධාන වශයෙන් නිවර්තන සහ වියළි කාළගුණයක් සහිත කළාපයක් වන අතර අතීතයේ රුහුණු රට පැවතියේ මෙම ප්‍රදේශය තුලය.

අපගේ සංවිධානමය අභිමතාර්ථ

අපගේ සංවිධාන උපායමාර්ග

  • පළාත් සභාව මගින් පළාත් නිශ්චිත සංවර්ධන ප්‍ර‍දාන සහ මන්ත්‍රී ප්‍ර‍තිපාදන.
  • මුදල් කොමිසන් සභාව මගින් ලැබෙන උපමාන පාදක සංවර්ධන ප්‍ර‍දාන ප්‍ර‍තිපාදන පළාත් පාලන ආයතන සමග සම්භන්ධ වීම.
  • රේඛීය අමාත්‍යාංශ හා මධ්‍යම පරිසර අධිකාරිය වැනි රාජ්‍ය ආයතන සහ අනුබද්ධිත ආයතන වලින් ලැබෙන ප්‍ර‍තිපාදන හා යොමු කිරීම.
  • පළාත් පාලන ආයතන වලින් හදුනාගත් ව්‍යපෘති වාර්තා සදහා අදාළ අංශ වෙත යොමු කර ප්‍ර‍තිපාදන ලබා ගැනීම.
  • රාජ්‍ය නොවන ආයතන හා පුද්ගලික අංශය වෙතින් ලැබෙන ප්‍ර‍තිපාදන සදහා සුදුසු ව්‍යපෘති හදුනා ගැනීම.
  • පළාත් පාලන ආයතන වල සමාජ උත්පාදන ආදායම් වැඩි කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම හා ව්‍යපෘති කරවීමට උනන්දු කිරීම.
  • රාජ්‍ය අංශය හා පුද්ගලික අංශය සහභාගීත්ව අවස්ථා හදුනාගැනීම සහ ප්‍ර‍ජා දායකත්ව ව්‍යපෘති සදහා පළාත් පාලන ආයතන දිරිගැන්වීම.
  • දෙස් විදෙස් පුහුණු අවස්ථාවන් පළාත් පාලන කේන්ද්‍රයේ කාර්ය මණ්ඩලය යොමු කිරීම.

අපගේ මූලධර්ම - අපගේ අගයන්

  • සාධාරණත්වය - තීරණ ගැනීමේදී සහ සම්පත් බෙදාහැරීමේදී සාධාරණත්වය හා අවංකභාවය රැකෙන පරිදි කටයුතු කිරීම.
  • වගවීම - කාර්ය පටිපාටිය සහ ක‍්‍රියාකාරීත්ව පිළිබඳව සියළුම ගනුදෙනුකරුවන් සඳහා විවෘතව සහ විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම. අපගේ ක්‍රියාකාරකම්වලට පාදක වූ කරුණු පැහැදිලි කිරීමට සුදානමින් සිටීම මහජනතාව, රජය සහ කාර්යය මණ්ඩලය වෙත වග කීමට බැඳී සිටීම
  • සන්නිවේදනය - ප‍්‍රධාන සහභාගීවන්නන් සමඟ සහයෝගීව ක‍්‍රියාකරමින්, අදහස් හුවමාරු කරගනිමින් සහ උපදෙස් ලබා ගනිමින් නවීන සන්නිවේදන ක්‍ර‍ම සමග කඩිනමින් සම්බන්ධ වී එලදායි ලෙස කටයුතු කිරීම.
  • කැපවීම - මඟ පෙන්වමින් සහ කාර්ය එලයෙහි නිරන්තර අභිවෘද්ධිය සඳහා ධෛර්යමත් කිරීම, අවශ්‍යතාවයන් අනුවක්ෂණිකව තම සේවවාන් සැපයීම, එදිනෙදා රාජකාරී කටයුතුවල දී තම සේවය අවශ්‍යතාවය පරිදි ඕනෑම කාර්යයක නියැලීමේ හැකියාව.
  • සහභාගීත්වය - සියළුම සහභාගීවන්නන් සමඟ සඑලදායි සම්බන්ධතාවයක් ගොඩනැඟීම සඳහා අවශ්‍ය අනුග‍්‍රහ සැපයීම, රාජකාරීමය හා රාජකාරීමය නොවන සුභසාධන කටයුතුවල දී ස්වේච්ඡාවෙන් ම සිය සේවය ලබා දීම.
  • පුරවැසි කේන්ද්‍රීය බව - මහජන මුදල් හා සම්පත් ප්‍රමුඛ මහජන අවශ්‍යතා ඉටවන ලෙස කාර්යක්ෂමව යෙදවීම.
  • වෘත්තීය නිපුණත්වය - සියලු කටයුතු කැපවීමෙන්, ගුණාත්මකභාවයෙන් සහ විශිෂ්ටත්වයෙන් යුතු ව සිදු කිරීම.

අරමුණු, බලතල සහ ක්‍රියාකාරිත්වය

පළාත් පාලන දෙපාර්තමේන්තුවේ අරමුණු පහත ආකාරයෙන් පෙන්වා දිය හැක.

  • දකුණු පළාතේ පළාත් පාලන බල ප්‍රදේශ තුල පොදු යටිතල පහසුකම් හා පොදු උපයෝගීතා සේවා සංවර්ධනය කිරීමට අවශ්‍ය මූල්‍යමය, තාක්ෂණික හා මානව සම්පත් සහයෝගීතාවය ලබාදීම තුලින් පළාත තුල පොදු යටිතල පහසුකම් පද්ධතිය වැඩිදියුණු කිරීම.
  • පුහුණුව හා සංවර්ධන උපායමාර්ග තුලින් පළාත් පාලන අයතන තුල සිටින මහජන නියෝජිතයින් හා කාර්යමණ්ඩලය යාවත්කාලීන දැනුම් කුසලතා හා ධනාත්මක ආකල්ප සහිත වැඩකණ්ඩායමක් බවට පත්කිරීම තුලින් ආයතනික එලදාදීතාවය ඉලළ නැංවීම.
  • පළාත් පාලන ආයතන වෙත සපයනු ලබන සේවාවන් පරිඝනක හා අන්තර්ජාලය සමග සම්බන්ධ කිරීම මගින් එම සේවාවන්හි කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඉහළ නැංවීම.
  • දකුණු පළාතේ සියලු පළාත් පාලන ආයතනයන්ට පොදු නීතිමය රාමුවකට අනුගත වීමට අවශ්‍ය මාර්ගෝපදේශ සැපයීම මගින් කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඉහලනැංවීම.
  • දකුණු පළාතේ පළාත් පාලන ආයතන තුල ඝන අපද්‍රව්‍ය කළමණාකරන ක්ෂේත්‍රයේ ගැටළු සඳහාවිසඳුම් ලබාදීමට සහාය වීම තුලින් විධිමත් කසල කළමණාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම.
  • පළාත් පාලන ආයතන විසින් සපයනු ලබන සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවාවන් සඳහා අවශ්‍ය පහසුකම් සැකසීම තුලින් දකුණු පළාතේ සෞඛ්‍ය දර්ශක ඉහල නැංවීමට දායක වීම.
  • පළාත්පාලන ආයතනවල මහජන සේවා සම්පාදන ක්‍රියාවලිය පවතින රාජ්‍ය ප්‍රතිපත්තියට හා පළාත් පාලන නීතිරීති වලට අනුකූල කිරීම මගින් අල්ලස හා
  • දූෂණය හා නාස්තිය පිටුදකින කාර්යක්ෂම හා විශ්වාසදායී රාජ්‍ය සේවාවක් දකුණු පළාතේ මහජනතාවට ලබා දීම.
  • පළාත් පාලන ආයතන මගින් මහජනතාවට සිදුවන අකටයුතුකම් (කිරීමක් හෝ නොකිරීමෙන්) හේතුවෙන් අවශ්‍ය නිති උපදේශක සේවා ඒකකයක් ස්ථාපිත කිරීම මගින් මහජනතාවට සිදුවන පීඩාවන් අවම කිරීම.
  • දිස්ත්‍රික් මට්ටටමේ පළාත් පාලන කාර්යාල තුන බලතල හා වගකීම් පැවරීම තුලින් පළාත් පාලන ආයතන වලට වඩාත් සමීපතම ඒකකය ලෙස බල ගැන්වීම.

පළාත් පාලන දෙපාර්තමේන්තුව සඳහා ප්‍රධාන වශයෙන්ම බලාධිකාරය ලැබෙනුයේ 1947 අංක 29 දරණ මහා නගර සභා ආඥා පනත, 1939 අංක 61 දරණ නගර සභා ආඥා පනත සහ 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත යන පනත් මඟිනි. මීට අමතරව 1989 අංක 12 දරණ පළාත් සභා ආනුශංගික විධිවිධාන පනත මඟින් ද බලය පවරා ඇත.

පළාත් පාලන ආයතන පොදු පරිපාලන ක්‍රමවේදයකට ගෙන ඒම සදහා නීති - රීති හා මාර්ගෝපදේශන සංග්‍රහය සැකසීම හා සංශෝධනය කිරීම සිදු වේ. මෙහිදී වීථි ආලෝක කරන / කඩ බදු අය කිරීම් ආදී අංශ 10ක් පමණ සඳහා පළාත් පාලන කොමසාරිස් චක්‍රලේඛ සැකසීම,පළාත් පාලන ආයතන මූල්‍ය හා පරිපාලන රීති සංශෝධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම,පළාත් පාලන ආයතන සඳහා අතුරු ව්‍යවස්ථා සැකසීම දැක්විය හැක.